එළැඹෙන මහා මැතිවරණයේ දී රටේ පැරැණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය 04 වැනි තැනට පත්වෙන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය මෙන්ම දෙමළ ජාතික සන්ධානයටත් වඩා පිටුපසට යන බව බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
මේ අනුව මෙතෙක් රටේ 3 වෙනි බලවේගය බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණ 5 වෙනි තැනට ඇද වැටෙනු ඇත.
බැසිල් රාජපක්ෂ මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.