මෙන්ඩිස් අරක්කු සමාගම බිලියන ගණනක බදු වංචාවක! රාජ්‍ය බැංකුවලට ඊට නොදෙවනි පොල්ලක්!

December 2, 2020 at 6:14 am | by emanisa.lk

මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස්ගේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් 6,182,975,353ක මුදලක් (බිලියන 6ක් ) ක බදු මුදල් ගෙවා නොමැති බව අනාවරණය වි තිබේ.

අදාළ මුදල් අයකර ගැනිම සඳහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා පවරා තිබේ.

ඒ අනුව 2006 අංක 10 දරන දේශිය ආදායම් පනතේ 179(1)ක වගන්තිය යටතේ නිකුත් කර ඇති බදු මුදල වන රුපියල් 2,627,486,756ක මුදලක් මෙන්ම 2002 අංක 14 දරන එකතු කල අගයමත බදු පනතේ 43(1)ක වගන්තිය යටතේ ගෙවිය යුතු බදු මුදල රුපියල් 3,555,488,597ක්ද ගෙවා නොමැති බවයි අධිකරණය හමුවේ පෙන්වා දි ඇත්තේ.

මිට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 1.1ක බදු මුදලක් මේ දක්වා ගෙවා නොමැති බවද අනාවරණය වි තිබේ.

මේ අතර රාජ්‍ය බැංකු සහ මුල්‍ය ආයතන කිහිපයකටද දැවැන්ත ණය පොල්ලක් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම තබා ඇති අතර ආසන්න වශයෙන් මහජන බැංකුවට රුපියල් බිලියන 5ක මුදලක්, ලංක බැංකුවට බිලියන 4ක මුදලක්, පිපල්ස් ලිසිං සමාගමට මිලියන 800ක මුදලක් මෙන්ම සමාගමට විවිධ සේවා සැපයු ආයතන වෙනුවෙන් බිලියන 2කට වැඩි මුදලක් ගෙවිමට ඇති බවද අනාවරණය වි තිබේ.

රාජ්‍ය බැංකු හරහා අදාළ ණය ලබා ගැනිමට එම සමාගම කටයුතු කර ඇත්තේ රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ වන අතර ඒ සඳහා අවශ්‍ය ලේඛන කිසිවක් නිසි පරිදි සපුරා නොමැති බව ද මේ වන විට අනාවරණය වි තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස