මුස්ලිම් දේහ ආදාහනයට එරෙහි වූ හාමුදුරුවන්ට විරුද්ධව මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් පැමිණිලි….!

September 28, 2021 at 9:38 am | by emanisa.lk

බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් පසුගිය මාසය තුළ පැවැත්වූ විද්යුත් මාධ්ය සම්මුඛ සාකච්ඡා කිහිපයකදී. ප්‍රචාරය කරන ලද වෛරී ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂයේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙක් පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්න වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් පැවසුවේ උන්වහන්සේගේ වෛරී කථාව සුළුතර මුස්ලිම් හා වාර්ගික ආතතීන්ට හේතු විය හැකි බවට බියෙන් තමා පොලිස් මූලස්ථානයට සැප්තැම්බර් 24 දින පැමිණිල්ලක් ගොනු කළ බවයි.

මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඊයේ (27) පැවසුවේ “මෙම කාරණය සම්බන්ධයෙන් මන්ත්රීවරුන් හත් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබේ.” යනුවෙනි.

මේ අනුව, සජබෙ මන්ත්‍රීවරුන් වන එච්එම්එම්. හරීස්, එම්. තවුෆීක්, ෆයිසාල් කාසිම් සහ ඉෂාක් රහුමාන්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ඒසීඑම්සී) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම්එම් මුෂාරෆ් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (එස්එල්එම්සී) පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් රහුමාන් සමඟ ඉහත සඳහන් පැමිණිලි ගොනු කළහ.

කොවිඩ් වැළඳී මිය ගිය ඉස්ලාම් භක්තිකයින් ඔවුන්ගේ සම්ප්‍රදායට එරෙහිව ආදාහනය කිරීමට ඥානසාර හිමි එරෙහි වූ අතර එකල එහිමියනන් මුස්ලිම්වරුන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවට සිංහල සමාජය චෝදනා කළ අතර මුස්ලිම්වරුන්ගේ දැඩි ප්‍රශංසාවට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස