2025 ජනපති පුටුවට මාන බලන කෙනෙක් පාස්කු වාර්තාව විකෘති කළා…?

February 23, 2021 at 11:24 pm | by emanisa.lk

අනාගත දේශපාලන බල උවමනාව සඳහා කාගේ හෝ තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් මත පාස්කු කොමිෂන් සභා වාර්තාවට බොදුබල සේනා සංවිධානයට විරුද්ධව කරුණු ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවට සැකයක් මතුවන බව බොදු බල සේනා නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

අද (23) පැවති මාධ්‍ය හමුවක දී එහිමියන් මේ බව සඳහන් කළේ ය.

තව අවුරුදු 5කින් ජනාධිපති හෝ අගමැති වීමට බලාගෙන ඉන්න කවුරුන් හෝ සෘජුවම මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සමග එකතුව මහා ධනස්කන්දයකට විකුර්තියක් කළා දැයි සැකයක් මත්වන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

අන්තවාදී ක්‍රියා හෙලිකිරීම වරදක් නම් තමන් ඕන දේකට මුහුණ දෙන්න තමන් වහන්සේ ලෑස්ති බව සඳහන් කර සිටි ඥානසාර හිමියෝ බොහෝ අවස්ථාවල න්‍යායාත්මකව කරුණු ඉදිරිපත් කල බොදුබල සේනා මැඩ පැවැත්වීමට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම උත්සාහ කරනු ලැබූ බව පැවසූහ.

කොමිසමේ වාර්තාව විකෘති කර ඇති බවට හැඟී යන බැවින් කොමිසමේ සාමාජිකයෝ ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බව ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

පාස්කු කොමිසමේ දී තමන් වහන්සේ සාක්ෂි ලබා දෙමින් සිටිය දී විල්පත්තු වන සංහාරයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන ප්‍රභලයෙකුගේ නමක් තමන් වහන්සේ කොමිසමට ලියා දුන් බවත් ඔහුගේ මැදිහත් වීමෙන් කොමිෂන් සභා වාර්තාව විකුර්ති කළා දැයි සැකයක් තිබෙන බවත් ඥානසාර හිමියෝ පැවසීය.

එමෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිගේ ගුරුවරයා ඔස්තාද් මන්සුර් බවත් ඔහු වහාබි දේශකයෙකු බවත් තමන් වහන්සේ කොමිසමට පැවසූ බවත් කොමිෂන් සභා වාර්තාවේ ඔහුගේ හොඳ තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙන බැවින් කොමිෂන් සභා වාර්තාව විකෘතියක් බවට පත්කිරීමට ඔහුගේ මැදිහත්වීම ලබුනේදැයි සැක මතුවන බවත් පැවසීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස