මුල්ලේරියාවේ සභාපතිගෙන් පොහොට්ටු ආධාරකරුවන්ට ප්‍රහාරයක්!

August 6, 2020 at 8:37 am | by emanisa.lk

කොටිකාවත්ත – මුල්ලෙරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව එදිරිසිංහගේ ආධාරකරුවන් පිරිසක් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් සුබසිංහගේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේදී පහරදී තිබේ.

මෙම පහරදීම සිදුවන ස්ථානයේ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද සිටිය බව වාර්තා වෙයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස