මැතිවරණ ප්‍රචාරක වියදම් ලැයිස්තුව මෙන්න! ආණ්ඩුව පරදා සමගි බලේ සල්ලි විසි කරයි!

July 28, 2020 at 9:16 am | by emanisa.lk

සමගි ජන බලවේගය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් වැඩිම වියදමක් දැරූ දේශපාලන පක්ෂය ලෙස වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය අනාවරණය කරයි. පාර්ලිමේන්තු මැතිවරණයට සතියක කාලයක් ඉතිරිව තිබියදී මෙම අනාවරණය සිදුවිය.

එම වාර්තාවන්ට අනුව සමගි ජන බලවේගය දැනට මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්) ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 6ක්, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් මිලියන 168ක් සමාජ මාධ්‍ය ප්‍රචාරණය වෙනුවෙන් මිලියන 2ක් සහ වෙනත් වියදම් ලෙස මිලියන 9ක් වශයෙන් රුපියල් මිලියන 185ක සමස්ත වියදමක් දරා ඇත.

දෙවන ස්ථානයට පත් පොදුජන පෙරමුණ මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ වෙනත් වියදම් වශයෙන් පිළිවෙළින් රුපියල් මිලියන 19ක්, 107ක්, 5ක් සහ 20ක් ලෙස මිලියන 151ක මුදලක් වැයකර ඇත. මීට අමතරව එක්සත් ජාතික පක්ෂය රුපියල් මිලියන 123ක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැයකරමින් මෙම ලැයිස්තුවේ තෙවන තැනට පත්ව සිටී.

නිල නොවන ලෙස සලකා බලන කල මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස එක් එක් අපේක්ෂකයන් පෞද්ගලික වියදම් කර ඇති ධනය මෙන් සඳහන් මුදලට වඩා අති මහත් බවද මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස