මුදලට රටට සේවය කරන්න සූදානම් නෑ ! කරනවා නම් කරන්නෙ නොමිලේ! – භාතිය ජයකොඩි

January 15, 2020 at 2:13 pm | by emanisa.lk

ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන දෙදෙනාට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සංචාරක ක්ෂේත්‍රයට අනුබද්ධ ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙස නිර්දේශ කර ඇති බවට මේ වනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබෙනවා.

මේ සම්බන්ධයෙන් භාතිය ජයකොඩිගෙන්  කළ විමසීමකදී කියා ඇත්තේ ඔවුන්ට තවමත් කිසිම ආරාධනාවක් නොලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු කාරණයක් නොදන්නා බවත්ය.

එමෙන්ම එවැනි තනතුරක් සඳහා ආරාධනා ලබුනහොත් කිසිම පඩියක් නොගෙන තමන්ගෙන් රටවෙනුවෙන් සේවය කිරීමට කටයුතු කරන බවද භාතිය සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස