මිලියන 340ක් නෙමෙයි මිලියන 440ක් ගෙවනු! නිව් ඩයමන්ඩ් නැව් හිමිට නීතිපතිගෙන් ආයෙත් දඩයක්!

September 24, 2020 at 4:25 pm | by emanisa.lk

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකාවට වැය වූ මුළු මුදල ගෙවා දැමිය යුතු බව නීතිපති දප්පුල ද ලිවේරා ඔවුන්ගේ නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.

ඒ සඳහා රු. මිලියන 340ක් ගෙවීමට සූදානම් බව සමාගම දැනුම් දී තීබේ.

කෙසේ වුවද නීතිපතිවරයා නැව් සමාගමට දැනුම් දී ඇත්තේ මෙම නෞකාව බේරා ගැනීම සඳහා දැරූ වියදම රු. මිලියන 344ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බවය.

ඒ අනුුුව අදාළ නෞකාව හිම් සමාගමට රු. මිලියන 340ට අමතරව තවත් රු. මිලියන 104ක් ⁣ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුව තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *