සංගමන්කන්ද අසල මුහුදේ තෙල් නැවක ගින්නක්! මහා විනාශයක් වළකන්න නාවික හමුදාව දැඩි සටනක!

September 3, 2020 at 1:38 pm | by emanisa.lk

සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ පැනමා ධජය යටතේ තෙල් ප්‍රවාහනය කරනු ලබන  “MT NEW DIAMOND“ නම් වූ නෞකාවේ මෙම ගින්න හටගෙන ඇති බවය.

නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති අතර එය මෙතෙක් ප්‍රධාන තෙල් ටැංකි පිහිටා ඇති ප්‍රදේශ වෙත පැතිර ගොස් නොමැති බවට වාර්තා වේ.

නෞකාව කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ සහායට නාවික හමුදාවේ නෞකා 3 මේ වනවිට පිටත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *