නැවේ ගින්න නිවීමට ලංකාව දැරූ වියදම මිලියන 340යි! නීතිපති ඇස්තමේන්තුව නැ⁣ව් හිමියන්ට යවයි!

September 17, 2020 at 7:41 am | by emanisa.lk

නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූනිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට හා ඊට අදාළ කාර්යයන් සඳහා ශ‍්‍රී ලංකාව දැරූ වියදම් හානි පූර්ණය කිරීමට හිමිකම් ඉල්ලීමක් නීතිපති දප්පුල ලිවේරා විසින් නෞකාවේ හිමිකම් පාර්ශ්වයේ නීතීඥවරුන් වෙත යොමු කර තිබේ.

ඒ අනුව රුපියල් මිලියන 340ක මුදල් අයකර ගැනීම සඳහා ඇස්තමේන්තුවක් සකසා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී නීතීඥ නිශාරා ජයරත්න පවසයි.

ගිනිගැනීමට ලක්වූ ඵඔ නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට මඩකලපුවේ සිට නාවික සැතපුම් 70ක් දුරින් ගැඹූරු මුහුදේ ස්ථානගතව ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *