මිල්කෝ සමාගම බහු ජාතික කිරිපිටි සමාගම් සමග දේශීය කිරි ගොවියා වනසන කුමන්ත්‍රණයක…! – ජාතික ගොවිජන එකමුතුව…

September 8, 2021 at 10:49 am | by emanisa.lk

කිරි ගොවියාට අමු කිරි සඳහා ගෙවන මිල රුපියල් 80 දක්වා පහත දැමීමට රජයට අයත් මිල්කෝ සමාගම කිරි පිටි ආනයනය කරන බහු ජාතික සමාගම් දෙකක් සමඟ ගිවිසුමක් ඇති කර ගෙන තිබෙන බවට ජාතික ගොවි ජන එකමුතුව පවසයි.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් පවසන්නේ මිල්කෝ සමාගම ගිවිසුම් අත්සන් කළ අදාළ සමාගම් දෙක ශ්‍රී ලාංකික කිරි ගොවියා නිෂ්පාදනය කරන කිරි ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ලබා ගනිමින් විදේශීය කිරි පිටි ආනයනය කරන මහා සමාගම් දෙකක් බවයි.

එම සමාගම් දෙකේ යටි අරමුණ වන්නේ දේශීය කිරි ගොවියාගෙන් මිල දී ගන්නා සුළු කිරි ප්‍රමාණයට සොච්චම් මුදලක් ගෙවා ඔවුන් අධෛර්යමත් කර කිරි පිටි ආනයනය ශක්තිමත් කිරීම බව අනුරාධ තෙන්නකෝන් අවධාරණය කරයි.

ලාභ ලබා ගැනීමේ අරමුණින් බහුජාතික සමාගම් යටි කූට්ටු වැඩ කිරීම අරුමයක් නොවුණ ද මිල්කො සමාගම මෙවැනි කුමන්ත්‍රණවල හවුල්කරුවෙකු වීම සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බව ඔහු පවසයි. එසේම මිල්කෝ සමාගමේ මෙම ක්‍රියාව ජාතික ගොවිජන එකමුතුව දැඩි ලෙස හෙලා දකින බව ද අනුරාධ තෙන්නකෝන් අවධාරණය කරයි.

මිල්කෝ සමාගම වෙළෙඳපොළ අවශ්‍යයතාව අනුව කිරි පිටි නිෂ්පාදනය කරනවා වෙනුවට වඩා ලාභදායි යෝගට් සහ අයිස් ක්‍රීම් නිෂ්පාදනය ඉහළ දැමීමට කටයුතු කරමින් කිරිපිටි නිෂ්පාදනය අඩපණ කිරීමට කටයුතු කරමින් සිටින බවට ද ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ කිරි පිටි නිපදවන තවත් දේශීය සමාගමක් දේශීය කිරි ගොවියාට කිරි ලීටරයකට රුපියල් 100ක් ගෙවීම නිසා මිල්කෝ සමාගම සම්බන්ධ කරගනිමින් බහුජාතික සමාගම් දියත් කළ කුමන්ත්‍රණය දැනට අසාර්ථක වී ඇති බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස