මිනිස්සු මැරෙන්නේ කොවිඩ් වෛරසය නිසා නෙමෙයි…! ජනාධිපතිගේ සහ ආණ්ඩුවේ බැරිකම නිසයි..! – අනුර…

May 12, 2021 at 11:01 pm | by emanisa.lk

ජනාධිපතිවරයා උඩඟු, මෝඩ අපරිණත නායකයෙක් ලෙස කටයුතු කිරීමෙන් මිනිස් ජීවිත කොවිඩ්වලට බිලි වී ඇතැයි ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

“මේ වන විට ලංකාව තුළ කොවිඩ් වසංගත තත්ත්වය ශීඝ්‍රයෙන් බිහිසුණු වසංගත තත්ත්වයක් දක්වා දිනපතා වර්ධනය වෙමින් තිබෙනවා.

වහාම මේ තත්ත්වය මැඬපැවැත්වීමට අසමත් වුවහොත් විශාල සමූහ මිනිස් ඝාතන බවට වර්ධනය වීමේ ඉඩකඩ තිබෙනවා. මේ කිසිවක් වෛරසයේ ස්වභාවික තත්ත්වය නොවේ. ජනාධිපතිවරයා, ආණ්ඩුව සහ අනෙකුත් පරිපාලන ක්‍ෂේත්‍රය විසින් කරන ලද නොසලකා හැරීම්, අත්හැරීම් සහ වැරදි තීන්දු මේ තත්ත්වයට මූලික වී තිබෙනවා.

තමන්ගේ රටට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ලෝකයේ රටවල් අනුගමනය කළා. නව ප්‍රභේදය ඇතුළත් වීම වළක්වාගන්න ගෝඨාභය රාජපක්ෂ සමත් වුණාද? දැනට වාර්තා වෙන ආකාරයට අපේ රටට ඇතුළත් වී නැත්තේ බ්‍රසීල ප්‍රභේදය පමණයි.

ඉන්දියාවේ ශෝචනීය තත්ත්වය විශාල වශයෙන් වාර්තා වුණා. අපි හැම දෙනාගේම හද කකියන, භීතියක් ඇති කරවන තත්ත්වයන් අපි දැක්කා. සමහර රටවල් තම පුරවැසියන් ඉන්දියාවේ සිට පැමිණීම වැළැක්වූවා. ඕස්ට්‍රේලියාව තමන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අයි.පී.එල්. තරගවල ඉඳලා පැමිණීම වළැක්වූවා. මේ පාලකයෝ ඒ ආකාරයෙන් කටයුතු කළාද?”

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයෙ (11) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස