දේශපාලන උවමනාවන් මත ආණ්ඩුව කොවිඩ් උස් පහත් කරනවා….! – අනුර…

April 25, 2021 at 8:29 pm | by emanisa.lk

ආණ්ඩුව දේශපාලන උවමනාවන් මත කොවිඩ් රෝගය උස් පහත් කරන උපක්‍රමයක් අනුගමනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

වසංගත තත්ත්වය යළි ඉස්මතු වුව ද ආණ්ඩුව පීි.සී.ආර්. පරීක්ෂණ සහ එන්නත්කරණය සම්පූර්ණයෙන් ම අඩපණ කර ඇතැයි ද ජවිපෙ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

කොවිඩ් වසංගතය පාලනය කළ බව ජනාධිපතිවරයා රට පුරා යමින් ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ ආණ්ඩුව දැන් නැවත රෝගය වර්ධනය වී ඇතැයි පවසන බවට චෝදනා කරයි.

එහෙයින් ජනතාවට කොවිඩ් වසංගතය පිළිබඳ සත්‍ය හා නිවැරදි තොරතුරු හෙළිකිරීම ආණ්ඩුවේ වගකීම බවත් ජනතාව විශාල අවිනිශ්චිතතාවක රඳවා ඇති බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස