පාදෙණිය පැණිය ගැහුව නිසා බයවෙන්න දෙයක් නෑ…! හැංගෙන්නේ නැතිව ගිහින් PCR කරගන්න…! – ලාල්කාන්ත…

January 15, 2021 at 9:17 am | by emanisa.lk

බීපු පැණි ප්‍රමාණය අනුව අනුරුද්ධ පාදෙණියට කොවිඩ් පොසිටිව් විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ඊයේ (14) ප්‍රකාශ කළේ ය.

පැණි බීපු නිසා තමන්ට කොවිඩ් වැළඳී නැතැයි යන විශ්වාසයක් වෛද්‍ය පාදෙණියට තිබිය යුතු බව ද ඒ නිසා සැඟව නොසිට නොබියව පරීක්ෂණවලට පෙනී සිටිය යුතු බව ද ඔහු පැවැසුවේ ය.

ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මෙසේද කීය.

‘මම හිතන්නේ පාදෙණිය මහත්තයට කොවිඩ් පොසිටිව් වෙන්න විදිහක් නැහැ. එතුමා පැණිය පාවිච්චි කරානේ. පැණිය වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් පාදෙණිය මහත්තයා. ඔහුට ෂුවර් එකක් තියෙන්න ඕනෑ එතුමාට පොසිටිව් වෙන්න විදිහක් නැහැ කියලා. පැණිය ගහලා තියෙද්දී පාදෙණියට හැදෙනවා කියන්නේ තත්ත්වය තවත් බරපතළයි.’

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කොරෝනා ආශ්‍රිතයෙකු වීම සමඟ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට වෛද්‍යවරයා සොයාගත නොහැකි වූ බවට පළවන වාර්තා පිළිබඳ සඳහන් කරමින් ලාල්කාන්ත මේ බව සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස