මින් පසු රටේ කහ හිඟයට ඉඩක් නෑ…! කහ සංචිතයක් තබා ගන්න සැලසුම්…!

January 2, 2021 at 1:50 pm | by emanisa.lk

ගොවීන්ගෙන් අමු කහ මිල දී ගෙන කහ සංචිතයක් පවත්වා ගෙන යෑමට රජය සැලසුම් කර ඇතැයි උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්. කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුරු පවසයි.

රටේ කහ මිලෙහි වැඩිවීමක් හෝ හිඟයක් ඇති වුවහොත් මෙම සංචිතයෙන් කහ වෙළෙඳපොළට මුදා හැරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීවේය.

කුළු බඩු සංස්ථාව මගින් මෙම කහ සංචිතය පවත්වා ගෙන යෑමට සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා පැවසුවේ ය. නිෂ්පාදනය වන අමු කහ තොගය අනුව කහ සංචිතය කොපමණදැයි තීරණය කිරීමට නියමිතය.

එමෙන් ම ගොවීන්ගේ අමුකහ අස්වනු මිල දී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවත්, ඒ සඳහා කුළු බඩු නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡා කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

ඉකුත් 2019 වසරේ හෙක්ටයාර් 1000කටත් අඩු භූමි ප්‍රදේශයක කහ වගා කිරීම නිසා පසුගිය වසරේ (2020) කහ අර්බුදයට බලපෑමක් සිදු වූ බව ද ඇමැතිවරයා පැවසුවේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *