ආනයන සීමා සමග කුළුබඩු කර්මාන්තය පිබිදෙයි! මාස 11ට රු. කෝටි 6667ක විදෙස් විනිමය රටට ගලයි!!

December 28, 2020 at 8:38 am | by emanisa.lk

මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට නොවැම්බර් මාසය දක්වා වූ කාලයේ කුළුබඩු අපනයනය කිරීමෙන් රුපියල් මිලියන හැට හයදහස් හයසිය හැත්තෑවක (කෝටි 6667) ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද පවසයි.

මෙම කාලයේ කුළුබඩු මෙට්‍රික් ටොන් හතළිස් අටදහස් දෙසිය විසිහතක් (48,227ක්) අපනයනය කර ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඉකුත් වසරේ (2019) ජනවාරි මස පළමුවැනිදා සිට නොවැම්බර් මාසය අවසන් වනවිට කුළුබඩු අපනයනය කිරීමෙන් රුපියල් මිලියන පනස් අටදහස් දෙසීය හැට එකක (58,261ක) ආදායමක් උපයා තිබිණි. එම වසරේ අපනයනය කරන ලද කුළුබඩු ප්‍රමාණය මෙට්‍රික්ටොන් හතළිස් තුන්දහස් දෙසිය හැට එකකි (43,265 කි).

මෙරට කහ, ඉඟුරු, සාදික්කා, ගම්මිරිස් ආදී කුළුබඩු සඳහා විදේශීය වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තිබෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම ලබන වසරේදී අපනයන ගම්මාන පිහිටුවීමට කටයුතු ආරම්භ කෙරෙන අතර, මූලික අදියරේදී අපනයන ගම්මාන 100 ක් ආරම්භ කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස