“මහියංගණ උඵ යෝධයාට” විමල් යළි පණ දෙයි!

July 5, 2020 at 7:35 am | by emanisa.lk

මීට වසර දෙකහමාරකට පෙර වසා දැමුණු ලංකා පිඟන් සංස්ථාවට අයත් මහියංගණ උඵ කර්මාන්ත ශාලාව අමාත්‍ය විමල් වීරවංශගේ උපදෙස් මත නිෂ්පාදන කටයුතු සඳහා විවෘත කිරීමට හැකි වූ බව එම සංස්ථාවේ සභාපති, ජූඞ් ප්‍රනාන්දු පවසයි.

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය 02 වැනිදා ඇරඹී ඇති අතර අද (04) උදෑසන එම වැඩ කටයුතු අමාත්‍ය විමල් වීරවංශගේ නිරීක්ෂණයට ලක්විය.

දිනකට උඵ 17,500ක් නිපදවීමේ ධාරිතාවකින් යුත් යන්ත්‍රසූත්‍ර මෙම කර්මාන්ත ශාලාව සතුව තිබුණු බවත් එවකට 250කට අධික සේවක පිරිසක් එහි සේවය කළ බවත් පෙන්වා දුන් සභාපතිවරයා, “මහියංගණ උඵ” ශ්‍රී ලංකාවේ හොඳම උළු ලෙස එකල විරුදාවලිය ලබා තිබූණු බවත් මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් දේශීය කර්මාන්තයන්ට පණ දෙමින්, කර්මාන්ත පුනරුද යුගයක් කරා මේ රට ගෙන යාමට වත්මන් කර්මාන්ත අමාත්‍යවරයා ගන්නා බලවත් උත්සාහය තුළ මෙම “මහියංගණ උඵ යෝධයාට” යළි පණ දීමට ලංකා පිඟන් සංස්ථාවට හැකිව ඇති බව ද සසභාපතිවරයාය  මෙහිදී සඳහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස