මා හැදූ ශ්‍රීලනිපය මහින්ද-මෛත්‍රී විනාශ කළා…! මෛත්‍රී ශ්‍රීලනිපයෙන් පන්නා දැමිය යුතුයි…! – චන්ද්‍රිකා..

January 20, 2022 at 1:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වීමේ වරදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා ම තමා හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බව ද ඇය සඳහන් කළා ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වන හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසි විටකත් එකතු නොවන්නැයි තමා වසර දෙකක් තිස්සේ කළ ඉල්ලීමට මෛත්‍රිපාල සිරිසේන ඇහුම්කන් නොදුන් බවත් එම ඉල්ලීම නිසා තමා පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් සහ සංවිධායක ධුරයෙන් ඉවත් කළ බවත් ඇය කීවා ය.

තමා අවුරුදු දෙකක් තිස්සේ පැවසූ දේ දැන් මෛත්‍රීපාල සිරිසේන කියා ගෙන යන්නේ යැයි ද හිටපු ජනාධිපතිවරිය පැවසුවාය.
යුද්ධයක් පැවති කාලයක පවා රටේ ආර්ථිකය තමා නිවැරදිව සකස් කළ බව පැවසූ චන්ද්‍රිකා කුමාරතුංග, අද රට යන දිහා බැලුවම අඬන්න ද හිනාවෙන්න ද කියා සිතාගත නොහැකි බව ද සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *