මා ජනාධිපති කළොත් වැඩ පෙන්වනවා..! ලාංකික කෝටිපති 10155කට පාසල් ටික භාරදෙනවා..!

June 23, 2023 at 10:34 pm | by emanisa.lk

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් කළහොත් තමන් වැඩ පෙන්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ලොව පුරා ජීවත්වන කෝටිපති ශ්‍රී ලාංකිකයන් 10,155 ක් තෝරාගෙන මෙරට සියලු පාසල් නඩත්තු කිරීම සඳහා කැපකරු මාපිය ක්‍රමය ආරම්භ කර බව ද හෙතෙම පැවසීය.

ඒ හැම කෝටිපතියෙකුටම රජයේ පාසලක වගකීම භාර දීමට තමන් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තව දුරටත් කියා සිටියේය.

කොළඹ සහිරා විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස