මාලිමා ජාතික ලැයිස්තුවෙන් පැරදුණු බිමල් පාර්ලිමේන්තුවට! පාක්ෂිකයන් ඉල්ලන ලාල්ට මෙවරත් ඉඩක් නෑ!

August 10, 2020 at 9:51 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මෙතෙක් කිසිවෙකු නම් කර නොමැත.

පසුගිය වර ජාතික ලැයිස්තුවෙන් මාතරින් පරාජයට පත් වූ සුනිල් හඳුන්නෙත්ති පත් කළ අතර ඒ සඳහා මෙවර පත් කළ යුත්තේ කේ.ඩී. ලාල්කාන්ත බවට සමාජමාධ්‍යවල මත පළ වෙයි.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ප්‍රවීණ නිලි අනෝමා ජනාදරී ෆේස්බුක් සටහනක් තබමින් පවසා ඇත්තේ අනුර දිසානායක පක්ෂ නායකත්වය ද ලාල්කාන්තට ලබා දිය යුතු බවය.

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පවසා ඇත්තේ එම මන්ත්‍රි ධුරය ආචාර්ය හරිනි අමරසූරියට හිමි විය යුතු බවය.

කෙසේ වුවද මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මැතිවරණයේ දී පැරදුණු බිමල් රත්නායකට ලැබෙන ඇතැයි ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු අනුර දිසානායකගේ හිත දිනාගත් ඉදිරියේ දී පක්ෂ නායකත්වය භාරදීමට සූදානම් කරන නායකයා බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *