මානව හිමිකම් සභාපති ධුරයෙන් දීපිකා උඩුගම ඉවතට!

August 4, 2020 at 2:16 pm | by emanisa.lk

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය දීපිකා උඩුගම එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා සිට තමන් එම ධූරයෙන් ඉවත් වන බව ව්‍යවස්ථා සභාවට දැනුම් දුන් බව ඇය සඳහන් කළේය.

ඒ පිළිබඳ ආචාර්ය දීපිකා උඩුගම, ව්‍යවස්ථා දායක සභාවට දැනුම්දුන් බව එහි සභාපති හිටපු කථානායක කරු ජයසූරිය ද ඊයේ රැස්වූ ව්‍යවස්ථා දායක සභාවට දැනුම් දි ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස