මානව හිමිකම් සභාපති දීපිකා උඩුගම විශ්වවිද්‍යාලයේ වැඩ නොකර රු. කෝටියක් පඩි අරන්!

March 2, 2019 at 4:11 pm | by admin

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති දීපිකා උඩුගම තනතුරට ලැබිය යුතු දීමනාවට වඩා මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් වසර තුනක සිට ලබා ගන්නා බව වාර්තා වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ නීති අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කරමින් සිටියදී 2015 ඔක්තෝබර් 30 වැනි දින මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට ඇය පත් කර ඇත. එම තනතුරට මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දෙන අතර එම දීමනාව ලබා නොගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතු කළ තනතුරට අදාළ රුපියල් ලක්ෂ තුනකට ආසන්න මාසික වැටුප වසර තුනක සිට ඇය ලබාගෙන තිබේ.

කෙසේ වෙතත් 2018 නොවැම්බර් 01 වැනි දින විශ්වවිද්‍යාලය මගින් කොමිසමට දන්වා ඇත්තේ ගෙවූ වැටුප් හා දීමනා සඳහා විශ්වවිද්‍යාලයට සේවයක් නොවූ හෙයින් අදාළ වසර තුනේ ගෙවූ රුපියල් අනූහත් ලක්ෂ පනස් එක්දහස් පන්සිය තිස්පහක මුදල වහාම ගෙවන ලෙසටය.

සාමාන්‍යයෙන් රජයේ තනතුරක සිට රජයේම වෙනත් තනතුරකට පත්වීමේදී වැටුප් දෙකක් ලබාගැනීමට නොහැකි නිසා පෙර සිටි ආයතනයෙන් තාවකාලිකව නිවාඩු ලබා ගැනීම සාමාන්‍ය සිරිත වුවත් උඩගම මහත්මිය කොමිෂන් සභාවේ මාසික දීමනාව අඩු බැවින් එහි දුරකථන දීමනාව හා වාහනය සහ ඒ සඳහා මාසිකව ලැබෙන ඩීසල් ලීටර් 225 ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් ලැබෙන මාසික වැටුප හා දීමනාද වශයෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට ලක්ෂ තුනහමාර දක්වා වූ වැටුපක් (වර්ෂයෙන් වර්ෂයට වැඩි වී ඇත) ලබාගෙන ඇත.

අවසානයේ අදාළ ලබාගත් වැටුප් දීමනා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගෙවන ලෙසට මානව හිමිකම් කොමිසම දැන්වීමෙන් පසු 2017 ජුනි 13 වැනි දින ඇමැති මණ්ඩලයේ අනුමැතිය යටතේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් අනුව රජයේ ඒකාබද්ධ අරමුදලින් 2019 ජනවාරි දක්වා කාලය තුළ රුපියල් කෝටියකට අදාළව ගෙවූ හා වැටුප් විශ්වවිද්‍යාල ගිණුමට ප්‍රතිපූර්ණය කර ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *