මාධ්‍ය කියන්නේ බොරු! RMV 600ක් මාරු කරන්නේ නෑ! – ප්‍රවාහන රාජ්‍ය ඇමැති..

December 18, 2020 at 7:02 pm | by emanisa.lk

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවකයින් 600ක් මාරු කිරීම සඳහා රජය තීන්දු කළ බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කරන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නැතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.

කෙසේ වුවද නීති විරෝධී ක්‍රියා නිසා එහි සේවකයින් පිරිසක් ද වාර්ෂික ස්ථාන මාරුවීම් අනුව තවත් කිහිප දෙනෙක් ද ස්ථාන මාරුවීම් සඳහා නිර්දේශ කර ඇතැයි ඔහු අනාවරණය කරයි.

රට පුරා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලවල 600කට අධික සේවක පිරිසක් සිටින බවත් එම පිරිස එකවර මාරු කිරීම දඬුවම් මාරුවක් බවත් එය සුදුසු නොවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

අදාළ මාරුවීම් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික මාරුවීම් පිළිබඳ කමිටුව මගින් සිදුකරනු ඇති බවත් ඒ සඳහා නියමිත දිනයක් නොමැති බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම වැඩි දුරටත් පවසයි.

ඩේලිමිරර් පුවත්පතට ඔහු මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *