RMV සියලු සේවකයන්ට ස්ථාන මාරුවීම්! අල්ලස් චෝදන..

December 18, 2020 at 11:10 am | by emanisa.lk

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සේවක සේවිකාවන් 600කට වැඩි පිරිසකට වහා ම ක්‍රියාත්මක වන ලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

අල්ලස් පැමිණිලි ගැන සලකා බලමින් මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

2020 ජනවාරි 01 ට පෙර සේවයේ සිටි සියලු නිලධාරීන් ඒ අනුව ස්ථාන මාරු කරන බවත් එය රජයේ තීරණයක් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *