මාතර මනාප ලැයිස්තුවේ නිපුනට පළමු තැන! ඩලස් සහ කාංචන 3 වන 4 වන ස්ථාන! ලක්ෂ්මන් නිරෝෂන් පරාදයි!

August 6, 2020 at 11:51 pm | by emanisa.lk

මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව නිපුන රණවක ප්‍රථමයා බවට පත්ව ඇති අතර සමගි ජන බලවේගයෙන් බුද්ධික පතිරණ මෙවර පාර්ලිමේන්තු වරම් ලබා තිබේ.

නිපුන රණවක අගමැති මහින්ද රාජපක්ෂගේ බාල සහෝදරියගේ පුතෙකි. මේ අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ නිරෝෂන් ප්‍රේමරත්න පරාජයට පත්ව තිබේ.

එම මනාප ලැයිස්තුව මෙසේය.

නිපුන රණවක – 131,010

කරුණාදාස කොඩිතුවක්කු – 114,319

ඩලස් අලහප්පෙරුම – 103,534

කාංචන විජේසේකර – 96,033

මහින්ද යාපා අබේවර්ධන – 80,595

වීරසුමන වීරසිංහ – 77,968

බුද්ධික පතිරණ 44,839 – (SJB)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *