මහ මැතිවරණ දින දෙකක තබන සැලසුමක්?

April 26, 2020 at 11:10 am | by emanisa.lk

මහ මැතිවරණය පැවැත්වීමට ජූනි මස 20 දින නියමකර ඇතත් අවශ්‍යතාවක් පැන නැගුණහොත් එය වාර දෙකක් යටතේ පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය තිබෙන බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

මැතිවරණයට අදාළ තැපැල් ජන්ද පත්‍රිකා බෙදීම මස 04 වැනිදා ආරම්භ කරන බවත් එදිනම අපේක්ෂකයන් සඳහා මනාප අංක ලබාදීම සඳහා අවධානය යොමු වී ඇති බවත් හෙතෙම කීය.

කෙසේ වෙතත් මැයි මස 3 වැනිදා පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසුව මැතිවරණය පවත්වනු ලබන ආකාරය පිළිබඳව දැනුම් දීමට නියමිතය.

මහ මැතිවරණය සඳහා වන වියදම බිලියන 07ක් බව මින් පෙර ගණන් බලා තිබුණද රට තුළ පවතින කොරෝනා තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් පරිදි කටයුතු කළහොත් එම වියදම තවත් ඉහළ යා හැකි බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස