මහ කන්නෙ කාබනික පොහොර හිඟයකට ඉඩ තියන්න එපා…! පොහොර නිෂ්පාදනය වහාම නංවන්න….! මදි නම් පිට රටින් රැගෙන එන්න…! – ජනපති….

May 27, 2021 at 1:23 pm | by emanisa.lk

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

ඒ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

අනාගත දරු පරපුරේ යහපත උදෙසා ගනු ලබන මෙම උත්සහයේ දී ගොවියාට අපහසුතාවක් නොවන පරිදි ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතුය.

නිෂ්පාදනය කෙරෙන පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයින් සමග පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් දෙනු ලැබිණ. කන්න කිහිපයක් ඇතුළත කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරට දීම නිෂ්පාදනය කළ හැකි බව පොහොර නිෂ්පාදකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස