කාබනික පොහොර ටිකත් රටින් ගේන්න හදන්නේ ජාවාරම්කාරයෝ…..! – වෛද්‍යය වසන්ත බණ්ඩාර

May 9, 2021 at 2:04 pm | by emanisa.lk

කාබනික පොහොර ආනයනය ඔස්සේ අලුත් ජාවාරමකට සූදානම් වන කූට වෙළෙඳුන්ට එරෙහි විය යුතු බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍යය වසන්ත බණ්ඩාර පවසයි.

ජනාධිපතිතුමා විසින් රසායනික පොහොර තහනම් කිරීමත් සමඟ ම මෙම ජාවාරම සඳහා පිරිසක් සැලසුම් සකස් කරන බව ඔහු අවධාරණය කරයි.

රසායනික පොහොර තහනම සමඟ රටේ පොහොර ඉල්ලුම සපුරාලීම පිණිස සපුරාගත යුතු කොන්දේසී මාලාවක් ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් සියල්ලට පෙර ලංකා පොහොර සමාගම කාබනික පොහොර මිල දී ගැනීම සඳහා දැන්වීම් පළකිරීම මගින් ප්‍රශ්නය වැරදි කොනින් අල්ලා ගෙන ඇතැයි තහවුරු වන බව ද වෛද්‍යය වසන්ත බණ්ඩාර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *