රසායනික පොහොර සහ පලිබෝද නාශක ගෙන්වීම අත්හිටුවයි….! කාබනික පොහොරින් රට ස්වයංපෝෂිත කරන්න සූදානම්….!

May 2, 2021 at 9:55 am | by emanisa.lk

රසායනික පොහොර සහ පලිබෝද නාශක මෙරටට ගෙන්වීමට අවසර දීම පෙරේදා සිට අත්හිටුවා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව පොහොර සහ පලිබෝද නාශක ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අවසර ලබා නොදීමට අදාල අංශ කටයුතු කළ ඇත.

රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත්කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් 29දා ප්‍රකාශ කළේය.

රසායනික පොහොර හා පලිබෝද නාශක ගෙන්වීම අත්හිටුවීමට අදාල අංශ පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.

ඉකුත් වසරේ දී පමණක් මෙරටට පොහොර ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 56ක මුදලක් වැය කර තිබේ.

2016 වසරේ දී මෙරට වාර්ෂික පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් හය ලක්ෂයක් පමණ වු අතර මේ වසර වන විට මෙරට වාර්ෂික පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 12ක් පමණ දක්වා ඉහල ගොස් තිබේ. පොහොර සහනාධාරය මෙලෙස පොහොර අධි භාවිතයට හේතුවක් වී ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු අනාවරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස