රටේ ප්‍රශ්න ඇති වන්නේ බාල රසායනික පොහොර නිසයි….! විසඳුම කාබනික පොහොර නෙමෙයි හොඳ රසායනික පොහොරයි….! – රාජිත…

May 9, 2021 at 7:19 am | by emanisa.lk

යම් යම් පුද්ගලයන්ට ලබා ගැනීම සඳහා ලංකාවට ගෙන එන්නේ විෂ සහිත බාල රසායනික පොහොර බව හිටපු ඇමැති රාජිත සේනරත්න පවසයි.

එම බාල රසායනික පොහොර සාමාන්‍ය රසායනික පොහොරවලට වඩා භයානක බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ස්විට්සර්ලන්තය ලංකාව මෙන් රසායනික පොහොර 46 ගුණයක් භාවිත කළ ද ඒ රටේ හඳුනා නොගත් වකුගඩු රෝගයක් නොමැති බව ඔහු ප්‍රකාශ කරයි.

රසායනික පොහොර නතර කළ යුත්තේ අදියරින් අදියර බවත් එකවර නතර කළහොත් පොහොර එකවර ම නැති වී යන බවත් රාජිත සේනාරත්න පවසයි.

ලෝකයේ කාබනික පොහොර නිෂ්පාදන කරන්නේ 1%ක් පමණක් බව පවස හෙතෙම එහෙයින් කාබනික ආහාර මිල අධික බවත් රසායනික පොහොර තහනමේ අරමුණ විදේශ විනිමය ඉතිරි කරගැනීම බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *