මහින්ද කියන්නේ රටේ පොරක්! ඔහුට සමකළ හැකි කිසිවෙක් රටේ නෑ! සජිත් යූඇන්පියේ පොරක් විතරයි! – රංගෙ

February 12, 2020 at 9:17 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ එදා සිට ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාව වෙනුවෙන් උසාවියේ නඩුවලට නොමිලේ පෙනී සිටිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එකතු වෙමින් පාගමන් ජනඝෝෂ ආදිය කරමින් ද විවිධ බාධා මැද පක්ෂ නායකත්වය ද ලබා ගෙන කොටි ත්‍රස්තවාදය පරාජය කර රටේ පොරක් බවට පත්ව ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර පවසයි.

එදා ඔහුගේ දේශපාලන පක්ෂ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන ඩැහැ ගැනීමත් සමගම ජනතාව තුළ මෛත්‍රීපාල කෙරෙහි වෛරයෙන් ද මහින්ද කෙරෙහි අනුකම්පාවක් ද ඇති වූ බවත් එහෙයින් නව පක්ෂයක් තනා කෙටි කලකින් ජනාධිපතිවරයෙකු ද පත් කර ගැනීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙත් එවැනි හැකියාවක් සජිත් පාර්ශවයට නොමැති බවත් සජිත් යනු පක්ෂයේ පොරක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි. එහෙත් ඔහු 2025 රටේ පොරක් වීමේ හැකියාවක් තිබුණු අයකු බවත් රංගෙබණ්ඩාර පවසයි.

මේ වන විට මහින්ද රාජපක්ෂ සමග සම කළ හැකි නායකයෙක් රටේ නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.

හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස