මහාචාර්ය රාජ් සෝමදේව බුදු පටුන්ගල අලුතින් සොයාගත් කතාව බොරු!

September 2, 2020 at 12:53 pm | by emanisa.lk

මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිසක් කුමන වනාන්තරයේ පිහිටි බුදු පටුන්ගල නම් පුරාවිද්‍යාත්මක ස්ථානයක් සොයාගත් බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නැතැයි සමාජමාධ්‍යවල වර්තා පළවෙයි. මේ එවැන්නකි.

“මේ තියෙන්නේ අද දින රූපවාහිනි නාලිකා කීපයකටම පුවතක් වූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රමුඛ ගවේෂණ කණ්ඩායමක් විල ඔය නිම්නයේ බුදුපටුන නම් ස්ථානයකදි “අහම්බෙන්” සොයාගත්තා කියන බුදු පිළිම තුනක මීට පෙර ගත් ඡායාරූපයක්.

මේක උපුටා ගත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් 2007 දී පල කල The Art And Archaeology of Sri Lanka නම් ග්‍රන්ථයෙන්. මෙම ඡායාරූපය ගන්න අවස්ථාව වන විට පිළිම වල සිරසවල් විනාශ නොවී තිබිලා තියෙන්නේ. මීට අමතරව Studio Times ආයතනව විසින් 2008 වසරේදී පලකල Eloquence in Stone, The Lithic Saga of Sri Lanka නම් ග්‍රන්ථයේත් මෙම පිළිම වල ලක්ෂ්මන් නඩරාජා මහතා විසින් ගත් වර්ණ ඡායාරූප තිබෙනවා.

ඒ වන විට පිළිම දෙකකම හිස් විනාශ කරලා ඉවරයි. SinhaRaja Tammita-Delgoda මහතා ඉංග්‍රීසි භාෂාවෙන් ඒ සම්බන්ධව එම ග්‍රන්ථයේ කරන රමණීය විස්තරයේ සඳහන් වන ලෙසට පිළිම වල දණහිස දක්වාම ඒවා පස් සහ කොළ රොඩු වලින් වැසී තිබී 1985 වසරේදී මුලින්ම සොයාගන්නේ ජපන් විශ්වවිද්‍යාලයක ගවේෂණ කණ්ඩායමක් ඉන්පසුවත් මෙම ස්ථානයට ගිය කිහිප දෙනෙකුම සිටිනවා. Hon. Ashan Geeganage මහතාත් පසු කලක එහි ගොස් ගත් ඡායාරූප www.lakdasun.org සහ www.amazingLanka.com වෙබ් අඩවි වල පලකරල තියෙනවා

අන්තර්ජාලයේ ඔවුන්ගේ ගවේෂණ විස්තර සොයාගන්න පුලුවන්. එච්චර තොරතුරු තියෙද්දි මෙය “අලුතින්” ඒ විතරක් නම් මැදැයි “අහම්බෙන්” සොයාගත්ත කියන්නේ ඇයි? මේ පුරාවිද්‍යාඥයෝ කියන කට්ටිය Literature survey එහෙම කරන්නේ නැත්ද ගවේෂණ කරන්න කලින්? එහෙම නැත්නම් මේ රටේ අවධානය ගන්න දැන දැනම කරන බොරුවක්ද? එක් රූපවාහිනි නාලිකාවක එම කණ්ඩායම ඉහත පිළිම ඉදිරියේ පන්සිල් ගන්නවත් පෙන්නුවා. මොන සරදමක්ද මන්දා මුසාවාදා වේරමනී සික්ඛා පදන් සමාදියාමි කියන කෑල්ලමයි පෙන්නුවේ.”

Facebook

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස