මහර කිසිවෙක් වෙඩි තැබීමෙන් මැරුණේ නෑ! සියලු දෙනා මැරුණේ රැඳවියන් අතර ගැටුමින්! – බන්ධනාගාර ඇමැති

December 3, 2020 at 8:39 pm | by emanisa.lk

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අවස්ථාවේ සිදු වූ සියලු මරණ සිදූ වූයේ එහි රැඳවියන් අතර ඇති වූ ගැටුමින් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.

කිසිදු රැඳවියකු වෙඩි තැබීමෙන් මරුමුවට පත් නොවූ බවත් එය පශ්චාත් මරණ පරීක්ෂණවල දී තහවුරු වී ඇති බවත් ඇමැතිවරයා අනාවරණය කළේ ය.

අද (03) පාර්ලිමේන්තුවේ දී මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ ඇති වූ සංවාදයට එකතු වෙමින් ඇමැති ලොහාන් රත්වත්තේ මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *