මහනුවර දෙවන මාත්‍රාවට අවශ්‍ය ස්පුට්නික් මේ මස ලැබෙයි…!

September 5, 2021 at 1:14 pm | by emanisa.lk

ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනය කරන රුසියානු සමාගම ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් සැප්තැම්බර් මස ලබා දෙන බව දැනුම් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

“ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදන ආයතනය අපිට දැනුම්දීලා තියෙනවා සැප්තැම්බර් මාසය ඇතුළත ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉතිරි දෙවන මත්‍රා 120,000 ලබා දෙන්න කටයුතු කරනවා කියලා. එතකොට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එම එන්නත් ලබාදෙන්න කටයුතු කරනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 150,000කට පමණ ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.

කෙසේ වුව ද මහනුවර දිස්ත්‍රික්කය සඳහා තවත් ස්පුට්නික් මාත්‍රා 30, 000ක හිඟයක් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *