මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන්ට රජයේ වෙඩි බෙහෙත් දුන්නේ කවුද?

May 5, 2019 at 4:03 pm | by admin

කොච්චිකඩේ, කටුවාපිටිය, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් කිහිපයක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ සඳහා යොදා ගෙන ඇත්තේ රජයේ වෙඩි බෙහෙත් ගබඩාවෙන් නිකුත් කරනු ලැබූ වෙඩි බෙහෙත් වන බවටත් සමන්තුරේ සහ තවත් ස්ථාන කිහිපයක පසුගිය දින කිහිපයකම සිදු කරනු ලැබූ බෝම්බ පිපිරවීම් සහ ආරක්ෂක අංශ මගින් සොයා ගන්නා ලද පුපුරන ද්‍රව්‍යවල අඩංගුව ඇත්තේ රජයේ වෙඩි බෙහෙත් ගබඩාවෙන් නිකුත් කරනු ලැබූ වෙඩි බෙහෙත් බව මේ වන විට හෙළි කර ගෙන තිබේ.

රජයේ වෙඩි බෙහෙත් ගබඩාව නාවික හමුදාව යටතේ පවතී. රජයට අවශ්‍ය වෙඩි බෙහෙත් විදෙස් රටවලින් නොගෙන් වන අතර, එම වෙඩි නිෂ්පාදනය කරනු ලබන්නේ කැලණි ෆයර් වර්ක්ස් ආයතනය මගින් පමණි. එහි නිෂ්පාදනය කරනු ලබන වෙඩි බෙහෙත් නාවික හමුදාව බාරයේ ඇති රජයේ වෙඩි බෙහෙත් ගබඩාවේ ගබඩා කර එහි දී රජයේ ලියාපදිංචි අලෙවිකරුවන් වෙත නිකුත් කරනු ලබන්නේ අදාළ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් පමණි.

පසුගිය බෝම්බ පිපිරවීම් සහ සොයා ගන්නා ලද පුපුරන ද්‍රව්‍ය රජයේ වෙඩි බෙහෙත් ගබඩාවෙන් ලබාගෙන ත්‍රස්තයන් අතට පත් කළේ කුමන අලෙවිකරු විසින් ද යන්න හෙළි කර ගැනීම පිණිස විශේෂ පරීක්ෂණයක් ද සිදු වෙයි.

එසේ වෙඩි බෙහෙත් නිකුත් කරනු ලබන්නේ ගල් කුරි සඳහා සහ රතිඤ්ඤා වැනි සුළු නිෂ්පාදන සඳහා පමණක් වෙයි. මෙසේ නිකුත් කරනු ලබන වෙඩි බෙහෙත් ද ඉතාමත් සුවිශේෂී වූ ක්‍රමවේදයක් මත නිකුත් කරනු ලබන ප්‍රමාණයන් සහ ඒවාට විශේෂ වූ අංකයක් මත ද අලෙවිකරුවන් වෙත ලබා දෙනු ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස