තමන්ගේ හඬපට රෙනෝ සිල්වා ඇතුළු කණ්ඩායමක් එකතු වී විකෘති කර ප්‍රචාරය කරන බවත් හිරු දෙරණ ජාතික සහ ස්වාධීන රූපවාහිනීවලට එරෙහිව නඩු පවරන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින් ඈ මේ බව සඳහන් කළාය.
මේ වන විට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නටවන්නේ රෙනෝ සිල්වා විසින් බවත් දුමින්ද සිල්වා නිදහස් කළ ද නැත ද තමන්ට ගැටලුවක් නැතැයි ද පැවසූ හිරුණිකා දියණියක ලෙස තමන්ගේ යුතුකම ඉටු කළ බව ද සඳහන් කළේය.