2018 වසරේ දී එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් අතර එම මිල සූත්‍රයට අනුව සෑම මසකදීම ඉන්ධන මිල ගණන් තීරණය කෙරිණි.
කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසුව එම මිල සූත්‍රය අතහැර දැමීමට තීරණය කළේය.
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව වර්තමානයේ දී තිබිය යුතු ඉන්ධන මිල ගණන් සඳහන් කර තිබේ.
ඒ අනුව මේ වන විට පෙට්‍රල් ලීටරයක මිල රු. 147ක් පමණිි