මම රනිල්ගේ දූෂණ විරෝධී කමිටුවේ හිටි බව මං දන්නේ නෑ….! සෝමවංශ රටට හෙළිකළ කැබිනට් පත්‍රිකාව ගැන දන්නෙත් නෑ,..! – අනුර දිසානායක…

March 24, 2021 at 4:54 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව එවක අගමැති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් 2015 ජනවාරි 21 පත්කළ දූෂණ විරෝධී කමිටුවේ තමන් සාමාජිකයෙකු යැයි නොදැන සිටි බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

තමා ඒ බව දැනගත්තේ 2021 දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ සාක්ෂි දීමට ගිය අවස්ථාවේ යැයි ද ජවිපෙ නායකයා පවසයි.

කෙසේ වුව ද අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීම් තුනකට පමණ සහභාගී වූ බව සඳහන් කරන අනුර දිසානායක එය දූෂණ විමර්ශන කමිටුව යැයි නොදැන සිටි බව ද සඳහන් කරයි. හිරු සලකුණ වැඩසටනට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

වීඩියෝව බලන්න

කෙසේ වුව ද 2015 ජුලි මස රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මෙම කැබිනට් පත්‍රිකාවේ සඳහන් පරිදි අනුර දිසානායක එම දූෂණ විරෝධී කමිටුවේ මෙන් ම මංගල සමරවීර සභාපතිත්වය දැරූ අනුකමිටුවේ ද සාමාජිකයෙකු බවත් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කමිටුවේ සම්බන්ධීකාරක බවත් අනාවරණය කළේ ය.

එහෙත් අනුර දිසානායක, සෝමවංශ අමරසිංහගේ ආන්දෝලනාත්මක අනාවරණය ප්‍රතික්ෂේප නොකළ අතර ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ ද නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස