ආණ්ඩුව රනිල්, අනුර, පාඨලී, ෆොන්සේකා සහ සම්බන්ධන්ලගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න හදනවා..! – රත්නප්‍රිය

February 1, 2021 at 10:58 pm | by emanisa.lk

කොවීඩ් මර්දනය සඳහා දිස්‍ත්‍රික්ක 25ක් සඳහා හමුදා නිලධාරීන් පත්කළේ දේශපාලන පක්ෂ මර්දනය සඳහා පෙරහුරුවක් ලෙස යැයි හිටපු එජාප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම මගින් ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, දෙමළ තරුණයින් 11 දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ නඩුවල සැකකරුවන් නිදහස් කරන ලෙස නිර්දේශ කර ඇතැයි ද හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එසේ ම ඊයේ ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති කොමිසමක් පත්කර යහපාලන දූෂණ විරෝධී ලේකම් කාර්යාලය නියෝජනය කළ 21 දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්දැයි විමර්ශනය කරන ලෙස දන්වා ඇතැයි ද ඔහු පවසයි.

එම පිරිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි තහවුරු වුවහොත් ඔවුන්ගේ සියලු දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි වීමේ අවධානමක් ඇතැයි ද සමන් රත්නප්‍රිය අනාවරණය කරයි.

මේ අවස්ථාවේ සියලු භේද අතහැර මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව සියලු විපක්ෂ බලවේග එකතු විය යුතු බව ඔහු අවධාරණය කරයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, අනුර කුමාර දිසානායක, මංගල සමරවීර, පාඨලි චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, ජයම්පතී වික්‍රමරත්න, ජේ.සී. වැලිඅමුණ සහ සමන් ඒකනායක ද වේ.

දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පිහිටුවීම නීතියට අනුගත නොමැති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද ජනාධිපති කොමිසම හමුවේ පිළිගෙන තිබිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස