යහපාලන බුද්ධි අංශ රණවිරු දඩයමේ ගෝඩ් ෆාදර් පාඨලී! බිඳලිය නොහැකි සාක්ෂි නුදුරේ දී ම නීතිය හමුවට!

October 31, 2020 at 12:49 pm | by emanisa.lk

අසත්‍ය චෝදනා ගොනු කරමින් නඩු 10ක් පවරා බුද්ධි අංශවල රණවිරුවන් සිය ගණනක් සිරගත කිරීමේ පරිමාණ කුමන්ත්‍රණයකට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, එන්ජීඕ නියෝජිතයන්, රහම් පොලිස් නිලධාරීන් සහ ඇතැම් බටහිර තානාපති කාර්යාල නියෝජිතයන් එක්ව කළ මෙහෙයුම්ල මෙතෙක් හෙළි නොවූ සුවිශේෂ කරුණු රැසක් හෙළි කිරීමට ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු සූදානමින් සිටින බව වාර්තා වෙයි.

පසුගිය රජයේ දූෂණ විරෝධී කමිටුව නියෝජනය කළ ප්‍රබලයන් රැසක් ගැන මෙහිදී ඔවුහු කරුණු හෙළි කිරීමට සසූදානමින් සිටිති.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පක රණවක, මංගල සමරවීර, රාජිත සේනාරත්න, අනුර කුමාර දිසානායක මෙම දූෂණ විරෝධී කමිටුව නියෝජනය කළ දේශපාලකයෝ වූහ.

බුද්ධි අංශ රණවිරුවන් දඩයම් කිරීම සඳහා ඉතා ම දරුණු ආකාරයට බලපෑම් කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක බවත් ඔහු ඇතුළු දේශපාලන බලාධිකාරිය කළ බලපෑම් පිළිබඳ පැහැදිලි සාක්ෂි මෙම කණ්ඩායම් සතු බවත් වාර්තා වෙයි.

ඉදිරියේ දී මෙම කරුණු ජනාධිපති කොමිසම් සහ අධිකරණයේ දී අනාවරණය කෙරෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර අනාවරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස