මම පස්පව් රකින නායකයෙක්…! – සජිත්…

September 29, 2022 at 1:19 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පස් පව් රකින නායකයෙකු බව එතුමා තමන්ට ප්‍රකාශ කළ බව අරගල නායිකා දමිතා අබේරත්න පවසයි.

සජිත් ප්‍රේමදාසගේ එම ප්‍රකාශයට තමා ගරු කරන බවත් අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම, පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායකයින්ට ද පස්පව් රකින්නට උවමනාව ඇති බවත් සියලු දෙනා එකට එකතු විය යුතු බවත් දමිතා අබේරත්න අවධාරණය කළාය.

පාර්ලිමේන්තුවේ සිටින 225ම වැරදි යැයි පැවසිය නොහැකි බවත් ඒ අතර යහපත් මිනිසුන් ද සිටින බවත් මෙමගින් තහවුරු වන බව ද දමිතා කීය.

මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරියගේ කාර්යාලයට නුදුරින් ඇති තුන්තරා බෝධිය අසල දී තමා මුණ ගැසීමට විපක්ෂවරයා මේ බව ප්‍රකාශ කළ බවයි, ඈ අනාවරණය කළේ.

තමා දිය නා එහි යන විට සජිත් ප්‍රේමදාස බෝධිය සෙවණේ සිට ගිරවුන් ලෙහෙනුන් සහ කපුටන් දෙස බලා ගෙන සිටි බව ද දමිතා අබේරත්න සඳහන් කරයි.

මේ රටේ ජනතාව ද තමන් නැති දවසක හෝ පස්පව් රකින ජනතාවක් බවට පත්වනු දැකීම තම ප්‍රාර්ථනාව බව ද සජිත් ප්‍රේමදාස එහි දී ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *