විශාල මුදලක් දීලා මාව ආණ්ඩුවට ගන්න සූදානම්…! – දමිතා…

September 29, 2022 at 11:12 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ආණ්ඩුව භාර නොගත්තේ බැරිකම නිසා නොව පල්හොරු සමග සිටගත නොහැකි නිසා බව දමිතා අබේරත්න පවසයි.

ආණ්ඩුවට එකතු වන්නේ නම් අති විශාල මුදලක් තමන්ට ලබා දෙන බවට තමාට විවිධ යෝජනා පැමිණිය ද තමා සිට ගන්නේ අරගලයේ අරමුණු වෙනුවෙන් බවයි, දමිතා අවධාරණය කළේ.

ආණ්ඩුවට එකතු වන ලෙස ඉල්ලූ අයට තමා දුන් එක ම පිළිතුරු ඔවුන්ගේ බෝට්ටුවට තමා නොවැටෙන බව යැයි ද ඇය අනාවරණය කළාය.

අරගලයේ අරමුණ ඉටු කර ගැනීම සඳහා කටයුතු කරන ඕනෑ ම පුද්ගලයෙකු සමග තමා සිට ගන්නා බව ද දමිතා අබේරත්න අවධාරණය කළාය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *