ප්‍රතිපත්තිගරුක නායකයා සජිත්…! ඔහු සමග හිට ගන්නවා..! – දමිතා…

September 29, 2022 at 8:12 am | by emanisa.lk

අරගලයේ අරමුණු ඉටුකරන කෙනෙක් හෝ කණ්ඩායමක් සමඟ තමන් හිටගන්නා බව ගෝල්ෆේස් අරගල නායිකා දමිතා අබේරත්න පවසයි.

ඒ, ඊයේ (28) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ පාර්ලිමේන්තුව සහ රට භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාසට ඉල්ලීම් කළ ද ඔහු එය ඉටු නොකළ අතර ඔහු එසේ සිදුකළේ ඇයි ද යන්න දැන් තමාට වැටහෙන බවයි, දමිතා අබේරත්න පැවසුවේ.

තමන් අත්අඩංගුවට ගත් මොහොතේ තමන්ව මුණ ගැසීමට සජිත් ප්‍රේමදාස පැමිණි අවස්ථාවේ එය විමසූ අතර එහිදී ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේ හොරු සමඟ තමන්ට සිට ගැනීමට නොහැකි බව යැයි ද ඇය සඳහන් කළාය.

ඒ අනුව තමන් විශ්වාස කරන පරිදි සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෙක් බවයි, දමිත අබේරත්න කියා සිටියේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *