මම නෑකමට නීතිය නවන තුට්ටු දෙකේ මිනිහෙක් නෙමෙයි! භූමදානය තහනම් නම් මම මළත් ආදාහනය කරන්න! – ඇමැති අලි සබ්‍රි

November 24, 2020 at 1:01 pm | by emanisa.lk

කොරෝනා ආසාදිත බව තහවුරු වූ තමාගේ ඥාතියෙකුගේ මළගම කොරෝනා ආසාදිත නොවන බවට නැවත වාර්තාවක් ගෙන භූමදානය කළ බවට නැඟෙන චෝදනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව අධිකරණ ඇමැති අලි සබ්‍රි පවසයි.

මෙම චෝදනාවල කිසිදු පදනමක් නැති බව පැවසූ ඇමැතිවරයා තමා එවැනි තුට්ටු දෙකේ වැඩ කරන පුද්ගලයෙකු නොවන බව අවධාරණය කළේ ය.

රත්මලාන ප්‍රදේශයේ මිය ගිය ඇමැති සබ්‍රිගේ ඥාති කාන්තාවක් මෙලෙස භූමදානය කළ බවට චෝදනා කළේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ය.

මෙම චෝදනා හැකි නම් ඔප්පු කරන ලෙසත් එසේ ඔප්පු කළහොත් තමා මන්ත්‍රී ධුරයෙන් පමණක් නොව ඇමැතිකමින් ද ඉල්ලා අස්වී ගෙදර යන බවට ද ඔහු අභියෝග කළේ ය.

මේ රටේ නීතිය අනුව කොරෝනා ආසාදිතයන් භූමදානයට ඉඩ නොදෙන්නේ නම් තමන් ද යම් දවසක කොරෝනා ආසාදනයෙන් මිය ගියහොත් ආදාහනය කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.

හේෂා විතානගේ විසින් නැඟූ චෝදනාවට පිළිතුරු දෙමින් ඇමැති අලි සබ්‍රි ඊයේ (23)පාර්ලිමේන්තුවේ දී මෙසේ ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස