මම තීන්දු ගන්නේ ඡන්දය වෙනුවෙන් නෙමෙයි, ජනතාවගේ යහපත වෙනුවෙන්…! – ජනපති…

October 23, 2021 at 9:55 pm | by emanisa.lk

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීමට බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දෙස පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගාබිම නිරීක්ෂණයට අද (23) පෙරවරුවේ එක්වෙමිනි.

කාබනික වගාවන්හි නියැලෙන ව්‍යවසායකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරියටත් මෙලෙස නිරීක්ෂණ චාරිකා සඳහා එක්වන බව ප්‍රකාශ කළේ ය.

කිසිදු ඡන්දය ගැන සිතන කිසිදු දේශපාලකයෙකු මෙම තීන්දුව ගැනීමට බිය බව ද තමා ජනතාව වෙනුවෙන් හොඳ දේ කිරීමට මිස ඡන්දය වෙනුවෙන් තීන්දු තීරණ නොගන්නා බව ද අවධාරණය කළේය.

එහි දී ගොවීන්ගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ, “මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට. ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න, මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා. අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න” යනුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස