මම ගංජා වවන පුවත පාර්ලිමේන්තුවේ කීර්ති නාමයට විශාල හානියක්…! – නියෝජ්‍ය කතානායක…

January 17, 2023 at 12:32 pm | by emanisa.lk

තමාගේ ඉඩමක කංසා වවන බවට ජාතික පුවත්පත්වල පළවූ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි.

එම ප්‍රවෘත්තිය තමාගේ කීර්ති නාමයටත් පාර්ලිමේන්තුවේ ගෞරවයටත් හානියක්වී ඇති හෙයින් සිය වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා සුදුසු පියවර ගන්නැයි ඉල්ලීමක් කරන බව ද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කරයි.

එසේ ම මෙම ප්‍රවෘත්තිය නිවැරදි කර අදාළ පුවත්පත්වල මුල් පිටුවේම පළ කරන ලෙස දැනුම් දෙන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.

නියෝජ්‍ය කතානායකවරයා මෙසේ ඉල්ලා සිටියේ අද (17) පාර්ලිමේන්තුවේ දී සභාවේ කටයුතු ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *