මදීනා මාස්ටර් බේකර් ලංකා වෙයි! අලුත් නමකින් ආයෙත් රටටම කුණු කවන්න සූදානම්!

February 13, 2020 at 10:25 am | by emanisa.lk

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත්දා සීල් තැබූ වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කේක්,පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පාදනය කරන මදීනා ෆුඩ්ස් ආයතනය වෙනත් නමකින් ලියාපදිංචි කර නැවත ව්‍යාපාර කටයුතු ඇරඹිමට කටයුතු කර ඇත.

එම ආයතනයට අයත් වත්තල ප්‍රදේශයේ ගබඩා ස්ථානයකින් කල් ඉකුත් වූ බේකරි සහ කේක් භාණ්ඩ ටොන් 17.5 ක් ආහාර නිෂ්පාදන සඳහා කලවම් කරමින් සිිටියදී පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මොහොමඩ් මමුලා නම් පුද්ගලයෙකු අධ්‍යක්ෂක ධුරය දරන මෙම ආයතනයට උලමා සභාවේ හලාල් සහතිකයද නිකුත් කර තිබිණි. හැපි හෙන් (Happy Hen) නම් බිත්තර වෙළෙඳපොළට නිකුත් කරන්නේ ද මොහු ද අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන Switz Lanka pvt ltd නම් සමාගමක් මගිනි.

මේ අනුව ඉදිරියේ දී මදීනා ෆුඩ්ස් සමාගම මාස්ටර් බේකර් ලංකා සමාගම යනුවෙන් හඳුන්වනු ඇත. ජනතාවට කල් ඉකුත් වූ ආහාර වර්ග ලබා දීම සම්බන්ධයෙන් පනවා ඇති නඩුවෙන් මෙම සමාගම පරාජයට පත් වූ පසු සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාමට මෙමගින් අවස්ථාව සැලසෙයි.

මෙම සමාගම මගින් පවත්වා ගෙන ගිය කැරවෑන් ප්‍රේෂ් නම් අවන්හල් ජාලයෙන් ආහාර ගැනීම ද ජනතාව මේ වන විට ප්‍රතික්ෂේප කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස