තමාට දේශපාලනයට පැමිණෙන ලෙස ආරාධනා තිබෙන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පවසයි.
පසුගිය සමයේ කොරෝනා සුවපත් කිරීම උදෙසා නිෂ්පාදනය කළ ධම්මික පැණිය කාලි මෑණියන්ගේ දැනුමින් නිපදවූයේ ඔහු විසිනි.
තමාට දේශපාලනයට පැමිණීමට ආරාධනා කළ ද තමා දේශපාලනඥයන්ට අකැමති මුත් ආශිර්වාද ගැනීමට පැමිණි බොහෝ දේශපාලනඥයන්ට උදව් උපකාර කර තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි.
ජනපතිවරයා වනජීවී දෙපාර්තමේන්තුව හරහා තමාට මී පැණි නොමිලේ ලබාදුන් බවට කරන චෝදනාව ප්රතික්ෂේප කරන වෙද මහතා ජනපතිවරයා තමාට මී පැණි ලබා නොදුන් බවත් අවධාරණය කරයි.
එසේ ම ජනපතිවරයා තමාගේ ඖෂධය පිළිගත්තේ නැති බව ද හෙතෙම පවසයි.