සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකරගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.
සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂට අයත් හෝටලයක් ඇති බවත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ ඊට ළඟා වන මාර්ගයට සම්බන්ධ කිරීමට බවත් සජීව චාමිකර 2020.08.19 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණි.
එම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කරන යෝජිත රාජපක්ෂ එය පදනම් විරහිත චෝදනාවක් බව ප්‍රකාශ කරමින්, ඉන් තමාට හා තමාගේ චරිතයට සිදු වූ පුද්ගල හානිය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා මෙම එන්තරවාසිය යොමු කර තිබේ.
එමෙන්ම,
යනාදී කරුණු ඇතුළත් එන්තර වාසිය සිය සේවාදායක නීතීඥ සමාගම විසින් අද 2020.08.24 දින පරිසරවේදී සජීව චාමිකර වෙත යොමු කර ඇත.