මගේ ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක්! ඒ වගේම නීති විරෝධියි! – සරත් වීරබණ්ඩාර

May 9, 2020 at 12:33 pm | by emanisa.lk

තමාව ස්ථාන මාරු කිරීම දේශපාලන පලිගැනීමක් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයක් මත කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් සරත් වීරබණ්ඩාර පවසන්නේ අදාළ ස්ථාන මාරුවීම දේශපාලන උවමානවක් මත සිදුකළ කටයුත්තක් බවය.

මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක රාජ්‍ය සේවකයෙකු මෙලෙස ස්ථාන මාරුකිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කළේය.

තම ස්ථාන මාරුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැදවමින් වෛද්‍ය සරත් වීරබණ්ඩාර මේ බව පැවසීය.

කෙසේ වෙතත් කුරුණෑගල රෝහල සුරැකීමේ සංවිධානය සඳහන් කළේ රෝහල් අධ්‍යක්ෂවරයාට ලබාදුන් ස්ථාන මාරුව ක්‍රියාත්මක නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස